යතුරු පැදියෙන් මහරගමට ආ තවත් පහක් ඉල්ලා අස්වෙයි
මහරගම නවක මන්ත්‍රීවරියන් පිරිසකට හිටපු නගරාධිපතිනියගෙන් විරෝධතා

8

ඉකුත් පලාත් පාලන මැතිවරණයේදි මහරගම නගර සභාව ජයගත් යතුරු පැදිය ලකුණින් ඉදිරිපත් වූ ස්වාධින කණ්ඩායමේ තවත් මන්ත්‍රීවරුන් 05 දෙනෙකු ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ වෙනුවට තවත් පස් දෙනෙකු නම් කරමින් මැතිවරණ දෙපාර්තමේන්තුව නිවේදනයක් ද නිකුත් කරනු ලැබුවා.
ඉන් 04 දෙනෙකුගේ පත්වීම් පිලිගත නොහැකි බවයි මහරගම නගර සභාවේ හිටපු සභාපතිනි නාගරික මන්ත්‍රී කාන්ති කොඩිකාර මහත්මිය ප්‍රකාශ කළේ.
මීට පෙර ද ස්වාධින කණ්ඩායමේ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු ඉල්ලා අස්වු අතර ඒ වෙනුවට නගර සභාවේ හිටපු සභාපතිනි කාන්ති කොඩිකාර මහත්මිය ඇතුලූ කාන්තාවන් හයදෙනෙකු පත් වුණා.
අලූතින් පත් වු මන්ත්‍රීවරුන් 05 දෙනාගෙන් 04 දෙනෙකු ගේ වගකීම ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා භාරගත යුතු බවයි මහරගම නගර සභාවේ හිටපු සභාපතිනි කාන්ති කොඩිකාර මහත්මිය වැඩිදුරටත් කියා සිටියේ.
යතුරුපැදිය ලකුණින් තරග කළ ස්වාධීන කණ්ඩායමේ නියෝජිතයින් වෙනුවට, පොදු ජන පෙරමුණේ අය ජයග්‍රහණයෙන් පසුව මහරගම නගර සභාවට පත් කරන බව මැතිවරණයට පෙර ප්‍රකාශ වුණා.
පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ඊයේ නගර සභාවේ මාසික සභාවාරය ද පැවති අතර මැතිවරණයට තරඟ නොකළ අපේක්ෂකයින් ගැසට් කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂ සහා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් නගර සභාව ඉදිරිපිට විරෝධතාවකද නිරත වුණා.

Your Comments