යක්කල පොලිසිය ඉදිරිපට අනතුරක් – අයෙක් මරුට

35

කොළඹ – නුවර මාර්ගයේ යක්කල පොලිස් ස්ථානය ඉදිරිපිටදී සිදු වූ රිය අනතුරකින් තුවාල ලැබූ පුද්ගලයකු රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා.
පොලිසිය පැවසුවේ කොළඹ සිට මහනුවර දෙසට ධාවනය වූ කැබ් රථයක් රියදුරාට පාලනය කරගත නොහැකිව මාර්ගයේ මැද ප්‍රතිවිරුද්ධ දිශාවට පැමිණ ඇති අතර එහිදී නුවර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක ගැටීම එම ලොරි රථය යක්කල පොලිස් ස්ථානය ඉදිරිපිට නවතා තිබූ පොලිස් කැබ් රථයක හා යතුරු පැදි තුනකද ගැටී අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් බරපතල තුවාල ලැබූ නුවර දෙසට ධාවනය වූ කැබ් රථයේ රියදුරා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ එල්ලක්කල, වෙරලුගහලන්ද වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 35ක් පමණ වූ පුද්ගලයෙක් බවද පොලිසිය කියා සිටියා.
මෘත දේහය ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරා අත්අඩංගුඩවට ගෙන තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන යක්කල පොලිසිය විසින් පවත්වාගෙන යනු ලබනවා.

 

Your Comments