මෝදී .. මග වෙනස් කරමින් කොච්චිකඩේ දේවස්ථානයට යයි (VIDEO)

1328

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී කටුනායක ගුවන්තොටුපළේ සිට පළමුව පැමිණියේ පාස්කු ප්‍රහාරයට ලක්වූ කොච්චි කඩේ දේවස්ථානයටයි.

දේවස්ථානයට ප්‍රහාරය එල්ල වූ ආකාරය හා එහි විනාශය ඡායාරූපවලින් නැරඹු මෝදී ට්විටර් පණිවුඩයක් ද තැබුවා.

මෝදී .. මග වෙනස් කරමින් පළමුව කොච්චිකඩේ දේවස්ථානයට යයි

මෝදී .. මග වෙනස් කරමින් පළමුව කොච්චිකඩේ දේවස්ථානයට යයි

Posted by News24 on Sunday, June 9, 2019

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී දිවයිනට පැමිණියේ පෙරවරු 11.00 ට පමණ.

ඉන්දියානු ගුවන් හමුදාවට අයත් බෝයිං 737 වර්ගයේ යානයකින් අග්‍රාමාත්‍යවරයා පැමිණ ඇති අතර ඔහුගේ ආරක්ෂාවට එම යානය සමග තවත් එවැනිම යානාවක් පැමිණ තිබෙනවා.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග 59 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් සහ යානා දෙකෙහි කාර්ය මණ්ඩලයට අයත් 16 දෙනෙකු ද පැමිණියා.

අග්‍රාමාත්‍යවරයා පිළිගත්තේ,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, මලික් සමරවික්‍රම යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් සහ රජයේ උසස් නිලධාරීන් එක්වයි.

මෝදී අගමැතිවරයාගේ දෙවන පදවිප්‍රාප්ති උත්සවයට සහභාගී වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනයකට අනුවයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණියේ.

පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මෙරට ආරක්ෂාව තහවුරු කළ බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශයකට අනුව එය තවදුරටත් ජාත්‍යන්තරයට සනාත කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වනවා.

එහි පියවරක් ලෙස නිල පිළිගැනීමේ උත්සවයට පෙර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී කොච්ච්චි කඩේ දේවස්ථානයේ නිරීක්ෂණ චාරිකාවට එක්වූවා.

අග්‍රාමාත්‍ය මෝදි පිළිගැනීමේ නිල උත්සවය පැවැත්වුනේ ජනාධිපති කාර්යාලයේදී.

වැසි සහිත කාලගුණ තත්වයක දී වුවද උත්සවය ගාම්භීර ලෙස පැවැත්වුණා.

අග්‍රාමාත්‍ය මෝදි වෙනුවෙන් ආචාර වෙඩිමුර ද පිරි නැමුණා.

මෝදී අගමැතිගේ දෙවන පදවි ප්‍රාප්තියේ පළමු ශ්‍රී ලංකා සංචාරය සිහි කරමින් ජනාධිපති ලේකම් කාර්යාල භූමියේ අශෝක පැළයක් රෝපණය කෙරුණා.

Your Comments