UPDATE: මෝදර වෙඩි තැබීමෙන් අයෙක් මරුට

50

මෝදර මුතුවැල්ලමාවත ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමෙන් තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයා මිය ගොස් තිබෙනවා.
අද දහවල් 12යි 50ට පමණ මෙම වෙඩි තැබීම සිදු කර තිබුණේ යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින්.
එලෙස මිය ගොස් ඇත්තේ මෝදර ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි අයෙක්.
ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ පියෙකු බවට තොරතුරු අනාවරණ වී ඇති බව ද සඳහන්.


මෝදර වෙඩි තැබීමක් [Aug 3, 2018 @ 14:02]

මෝදර ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඉන් තුවාල ලැබූ පුද්ගලයකු ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි.
වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.

Your Comments