මොහොමඩ් රිස්වාන් අල්ලයි

723

ත්‍රස්තවාදීන් සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට සැකපිට මොහොමඩ් රිස්වාන් නමැති පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වත්තල මාබෝල ප්‍රදේශයේ දී.

කොළඹ අද (16) පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ සැකකරු රඳවා තබා විමර්ශණ කටයුතු සිදු කෙරෙන බවයි.

සැකකරු ඊයේ (15) අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශටය වෙත ලද තොරතුරක් මතයි.

සමාජ මාධ්‍ය ජාලවල දැක්වෙන්නේ සැකකරු ISIS සාමාජිකයෙකු බවයි.

ත්‍රිරෝද රියදුරකු වු ඔහු කෝටිපති ව්‍යාපාරිකකුවීම අබිරහසක් බවද ඒවායෙහි කියවෙයි.

ජර්මනියේ නිෂ්පාදිත මෙතෙක් හඳුනා නොගත් වර්ගයක පිස්තෝලයක් සහ උණ්ඩ තොගයක්ද අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු ළඟ තිබී ඇති බවයි සඳහන් වන්නේ.

මොහු සතුව තිබූ ගමන් බලපත්‍ර කිහිපයක් ද හමුව තිබෙනවා.

එම විදෙස් ගමන් බලපත්‍ර උපයෝගී කරගනිමින් සැකකරු විදෙස් රටවල් ගණනාවකට ගොස් ඇති බවත් ඒ අතර ඩුබායි රටද ඇතුළත් බවත් සඳහන්.

මේ වන විට ඔහු සතුව නැව් භාණ්ඩ ප්‍රවාහන (කාගෝ) ආයතනයක් ද වන බවයි කියැවෙන්නේ.

සැකකරු ආණමඩුව ප්‍රදේශයේ කන්ටේනර් අංගණයක්ද පවත්වාගෙන ගොස් තිබෙනවා.

සැකකාර කෝටිපතියාට මාබෝල ප්‍රදේශයේ මහල් තුනකින් යුත් සුවිසල් නිවෙසක් සහ ඒ අසල තවත් සුඛෝපභෝගී නිවෙසක් ද හිමිබවත්, ඔහුගේ බිරියන් දෙදෙනා සහ දරුවන් මෙම නිවාසවල පදිංචිව සිටින බවත් පැවසෙනවා.

ප්‍රබල පාතාල කල්ලි නායකයකු ලෙස සැලකෙන මාකඳුරේ මධුෂ් සහ කංජිපානි ඉම්රාන් සමග සැකකරු සමීප සම්බන්ධතා කාලයක සිට පවත්වාගෙන ගොස් ඇති බවද කියවෙන අතර, මාකඳුරේ මධුෂ් සහ කංජිපානි ඉම්රාන් ඩුබායි රාජ්‍යයේ සිටි කාලයේ සැකකරු එම රටට ගිය අවස්ථාවල ඔවුන්ගේ නිවාසවල නවාතැන්ගෙන සිටි ඇති බවද ආරංචි මාර්ග පවසනවා.

Your Comments