මෙසීගේ සහ රොනාල්ඩෝගේ සිහිනය බොඳවෙයි

31

මෙවර රුසියාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නායකත්වය දරන පෘතුගාල කණ්ඩායමට අහිමි වුණා.
ඒ, අවසන් 16 දෙනාගේ තරග වටයේ දෙවන තරගයෙන් ඔවුන් උරුගුවේ කණ්ඩායම හමුවේ ගෝල 2-1ක් ලෙස පරාජයට පත් වීම හේතුවෙන්.
තරගයේ පළමු අර්ධය නිමා වන විට ද ගෝල 1-0ක් ලෙස උරුගුවේ කණ්ඩායම පෙරමුණේ සිටියා.
මේ අතර, පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ප්‍රංශය ඊයේ සමත් වුණා.
ඒ අවසන් 16 දෙනාගේ තරග වටයේ පළමු තරගයෙන් ලයනල් මෙසී නායකත්වය දරණ ආර්ජන්ටිනාව පරදා ගෝල 4-3ක ජයක් වාර්තා කරමින්.
තරගයේ පළමු අර්ධය නිමා වන විට කණ්ඩායම් දෙකම එක් ගෝලය බැගින් ලබා සම තත්ත්වයේ පසුවුණා.
ඒ අනුව සුපිරි ක්‍රිඩක ලයනල් මෙසීට තම රට නියෝජනය කරමින් කිසිදු ප්‍රධාන තරගාවලියක ශූරතාවක් දිනා ගැනීමට නොහැකි වී තිබෙනවා.

Your Comments