මෙවර සා.පෙළ ට සූදානම්ව සිටි සිසුවාගේ සිරුරත් හමුවෙයි [PHOTOs]

18

නුවරඑලිය වලපනේ මුන්වත්ත මලපට්ටාව ප්‍රදේශයේ නායයාමෙන් අතුරුදහන්ව සිටි පාසල් සිසුවාගේ සිරුරත් සොයා ගෙන තිබෙනවා.

මෙහෙයුමේ නිරතව සිටින යුධ හමුදා භට පිරිස් විසින් පස්වරුවේ සිරුර සොයාගත් බවයි පදියපැලැල්ල පොලිසිය පැවසුවේ.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වලපනේ සිංහල මහ විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි හෙට (02) ආරම්භ කෙරෙන සා.පෙල. විභාගයට පෙනි සිටිමට සූදානම්ව සිටි 15 හැවිරිදි ජි.ජි කලන පැතුම් දරුවායි.

නායයාමෙන් මිය ගිය අඹුසැමි යුවලගේ සහ සිසුවියගේ සිරුරු අද (01) උදෑසන මෙහෙයුමේ නිරතව සිටි තුන්වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් සොයා ගනු ලැබුවා.

සිව්දෙනාගේ සිරුරු වලපනේ රෝහලේ තැන්පත් කර ඇති බවයි පදියපැලැල්ල පොලිසිය පැවසුවේ.

වලපනේ ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග වලපනේ මහනුවර ප්‍රධාන මාර්ගයේ මුන්වත්ත ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට ඉහලින් වු පස් කන්දක් සමග ප්‍රධාන මාර්ගයට පහලින් වු නිවසක් පස් කන්දට යටවී තිබුනේ ඊයේ (30) රාත්‍රි 7.30 ට පමණ.

නායයාමට ලක් වු නිවසේ පදිංචිකරුවන්ට මිට ප්‍රථම එම නිවසින් ඉවත් වන ලෙසට ආපදා කලමණාකරන ඒකකය මගින් දැනුම් දිමක් සිදු කර ඇති බවයි පැවසෙන්නේ.
(හැටන් – රංජිත් රාජපක්ෂ)

Your Comments