UPDATE : මෙරට කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2810 දක්වා ඉහළට

29

මෙරටින් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයින්ගෙන් සමස්ත සංඛ්‍යාව 2810 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
ඉන් මේ වන විට ආසාදිතයින් 2296 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ කොරෝනා වෛරස ආසාදිත රෝගීන් 503 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවයි.
මේ අතර කොරෝනා වෛරස රෝග ලක්ෂණ සහිත බවට සැකය මත පුද්ගලයන් 65 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.
මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව තවදුරටත් 11ක් ලෙසයි වාර්තා වන්නේ.

 


කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වෙයි – සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2807 දක්වා ඉහළටJul 28, 2020 at 18:51]

තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2807 දක්වා ඉහළගොස් තිබෙනවා.
ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් බවටයි වාර්තා වන්නේ.
මේ අතර කොරෝනා ආසාදිතයින් 175 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඒ අද පෙරවරුවේ නිකුත් කළ වාර්තාවකට අනුවයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 2296ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Your Comments