මෙරට කොරෝනා ආසාදිතයින් 3123 දක්වා ඉහළට

14

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 3123ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ තවත් ආසාදිතයින් දෙදෙනෙක් හඳුනා ගැනීමත් සමගින් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.

එලෙස හඳුනා ගැනුණු ආසාදිතයින් දෙදෙනා ඉන්දියාවේ සහ ඉතියෝපියාවේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ.

ඒ අනුව මේ වන විට කොරෝනා ආසාදිතව රෝහල්ගතව සිටින ආසාදිතයින් සංඛ්‍යාව 186ක් වනවා.

කොරෝනා ආසාදිතව සුවය ලැබූ සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 2925ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

මේ අතර කොරෝනා වෛරස රෝග ලක්ෂණ සහිත බවට සැකය මත පුද්ගලයන් 57 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවද එම ඒකකය කියා සිටියා.

රෝගීන් 12 දෙනෙකු කොරෝනා ආසාදනය හේතුවෙන් මරණයට පත්ව තිබෙනවා.

Your Comments