මූල්‍ය වංචාවක වරදකාර ගණකාධිකාරීට වසර 367ක සිර දඬුවමක්

21

මූල්‍ය වංචා චෝදනාවකට වරදකරු වූ පෞද්ගලික සමාගමක සේවය කළ ගණකාධිකාරිවරයෙකුට වසර 367ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබෙනවා.

ඒ අදාළ නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

දඬුවමට අමතරව රුපියල් ලක්ෂ 19ක දඩ මුදලක් ද අධිකරණය නියම කළ බව සඳහන්.

2000 සහ 2001 වසර ඇතුළත අදාළ සමාගමේ සේවය කළ ගණකාධිකාරිවරයා රුපියල් ලක්ෂ 21කට අධික මුදලක් වංචා කර ඇති බවටයි චෝදනා එල්ල වූණේ.

ඒ අනුව, 2007 වසරේදී ඔහුට එරෙහිව නඩු පවරා තිබුණා.

එම වසරේදීම ඇප මත ගණකාධිකාරිවරයා මුදා හැර තිබු අතර ඔහු අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Your Comments