මුහුදු සුළං වේගය තවදුරටත් ඉහළට

20

හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පුත්තලම සිට කන්කසන්තුරේ හරහා මුලතිව් දක්වා මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර 50 – 55 දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශ විටින් විට රළුවිය හැකියි.

ඒ හේතුවෙන් නාවික හා ධීවර ප්‍රජාව ඉතා අවධානයෙන් පසුවිය යුතු බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර අද සවස් කාලයේ උතුර, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වලට ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් ද පවතිනබව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

Your Comments