මිනුවන්ගොඩ කලහකාරී සිද්ධිය ඇති වු ස්ථානයට මධුමාධව ඇතුළු පිරිස පැමිණි ජීප් රථය සොයා ගනී

59

පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා ඇතුළු පිරිස මිනුවන්ගොඩ කලහකාරී සිද්ධිය ඇති වු ස්ථානයට ගමන් කළ ජීප් රථයක් සොයා ගෙන තිබෙනවා.
ඒ මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළවයි.
පොලිසිය පැවසුවේ පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ මෙම ජීප් රථය කිරිල්ලවල වෑබඩ ප්‍රදේශයේ නිවසක සගවා තිබියදී සොයා ගෙන ඇති බවයි.
ජීප් රථය එම නිවසේ හිමිකරුගේ බවට අනාවරණ වී ඇති අතර ඔහු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව සදහන්.

Your Comments