මින්නේරිය සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් බන්ධනාගාරයට

15

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජිවි නිලධාරින්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 10 දෙනා ලබන මස 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවා.
ඒ, හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් සනත් නානායක්කාර මහතාගේ නියෝගයකට අනුවයි.
මොවුන් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූ අතර, හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ද ඒ අතර වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් ධීවරයින් දෙදෙනෙකු ද 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
පසුගිය 26 වනදා මින්නේරිය ජාතික වනෝද්‍යානයට අයත් මින්නේරිය වැවේ කොටසක තහනම් දැල් ආම්පන්න භාවිත කරමින් මසුන් අල්ලමින් සිටි ධීවරයෙකු දැල් ආම්පන්න සමග වනජිවි නිළධාරින් අත්අඩංගුවට ගැනීමත් සමග, නොසන්සුන්කාරි තත්ත්වයක් ඇතිවුණා.

Your Comments