මැල්කම් කාදිනල් පියතුමා සහ නිදහස් පක්ෂ මහ ලේකම් අතර හමුවක්

32

ආර්ථිකය නගා සිටුවීම වෙනුවෙන් ජාත්‍යන්තරය උදව් උපකාර කිරීමේ දී ඉදිරිපත් වන සංස්කෘතික යෝජනා ප්‍රතික්ෂේප කිරීමේ නිදහස ලැබිය යුතු බව අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් පියතුමන් පවසනවා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙම සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසට කාදිනල් පියතුමන් විසින් උපදෙස් ලබාදුන් බවයි රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ.

Your Comments