මැතිවරණ කොමිසමෙන් තැපැල් ඡන්ද අයදුම්පත් ගැන ප්‍රකාශයක්

97

රජය නිවාඩු දිනයන් ලෙස ප්‍රකාශට පත් කර ඇති අද සහ හෙට යන දෙදින ලැබෙන තැපැල් ඡන්ද අයදුම්පත් ඊයේ දිනයේ ලැබුණාසේ සලකන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

මේ අතර, පවතින නව කොරෝනා වෛරස් අවධානම හමුවේ නාමයෝජනා භාරදීමට පැමිණීමේදී නාමයෝජනා භාරදෙන තැනැත්තා සහ තවත් එක් අයෙකු පමණක් නාමයෝජනා ශාලාවට පැමිණීම සුදුසු බව පොලිසිය පවසනවා.
නියෝජිතයන් තිදෙනෙකුට පමණක් අවසර දීමටයි පසුගියදා පැවති සාකච්ඡාවකදී තීරණය වී තිබුණේ.
නමුත් මහජනයා ඒකරාශිවීම අවම කිරීමේ පියවරක් ලෙස උපරිම සංඛ්‍යාව කැඳවාගෙන ඒමෙන් වළකින ලෙසට පොලිසිය දැනුම්දෙනවා.

Your Comments