මැතිවරණයෙන් පසු ගිවිසුම්වලට බැදී නැහැ – ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වමින් සජිත් කියයි

33

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අස්ගිරි සහ මල්වතු මහනාහිමිවරුන් වෙත පිළිගැන්වීම අද පෙරවරුවේ සිදු කෙරුණා.
පළමුව මල්වතු මහා විහාරයට පැමිණි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා, මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් වෙත ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිගැන්වූ අතර ඉන් අනතුරුවයි අස්ගිරි මහා විහාරයේදී අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් වෙත සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිගන්වනු ලැබුවේ.
මහ නා හිමිවරුන් වෙත ප්‍රතිපත්ති ප්‍රකාශ පිළිගැන්වීමෙන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ පවතින දේශීය හෝ විදේශීය ගිවිසුම් ඉදිරියට පවත්වාගෙන යාමට තමා ජනාධිපති වු පසු බැදි නොසිටින බවයි

Your Comments