මැතිවරණයට තරඟ කරන ආකාරය පිළිබද නිදහස් පක්ෂයේ අවසන් තීරණය අද

52

මහ මැතිවරවරණයේදී තරග කරන ආකාරය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ලැනීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවේ අද රැස්වන දේශපාලන මණ්ඩල රැසවීමේ දී ඒ පිළිබදව අවසන් තීරණයක් ගන්නා බවයි.
කලුතර, නුවරඑළිය, වන්නිය හා යාපනය දිස්ත්‍රික්ක හතරට වෙන්ව තරග කිරීමට ඊයේ පස්වරුවේ රැස් වු නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමේදී තීන්දු කෙරුණා.
එමෙන්ම නාමයෝජනා ලබාදීමේදී ඇතිව තිබෙන අර්බුද සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර අද පෙරවරුවේදී තීරණාත්මක සාකච්ඡාවක් පැවැත් වීමට ද නියමිතයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගත වී මැතිවරණයට තරග කිරීමේ දී තම පක්ෂයට දැඩි අසාධාරණයක් සිදුව ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සදහන් කලා.

Your Comments