මැඩගස්කරයේ අනතුරකින් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු මරුට

14

මැඩගස්කර් රාජ්‍යයේ දී මෝටර් රථයක් අනතුරට ලක් වීමෙන් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.

එරට පොලීසිය මෝටර් රථය සමග ශ්‍රී ලාංකිකයින් තිදෙනාගේ සිරුරු සොයාගෙන ඇති බව සඳහන්.

ඔවුන් ගමන්ගත් මෝටර් රථය ගංගාවකට පෙරළීමෙන් අනතුර සිදුව ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටියේ.

සිරුරු මැඩගස්කර්හි රෝහලක තැන්පත් කර තිබෙනවා.

ෂී ෂෙල්ස් රාජ්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු සොයා බලමින් සිටින බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, .

Your Comments