මාලිගාවත්තේ තෙරපීමක් – කාන්තාවන් තිදෙනෙක් මරුට – 6 දෙනෙක් අත්අඩංගුවට

191

මාලිගාවත්ත ප්‍රදේශයේ සිදු වූ තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙකු මිය ගොස් තිබෙනවා.

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී ඔවුන් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

තෙරපීමෙන් තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ පසුවූ තවත් පුද්ගලයින් 8 දෙනෙකු ද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

පෞද්ගලිකව සිදු කර ඇති ආධාර බෙදාදීමක් අතරතුරදීයි මෙම තෙරපීම සිදුව ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් ආධාර බෙදාදීම සිදුකළ පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, සිද්ධිය හේතුවෙන් මාලිගාවත්ත ජුම්මා මස්ජිඞ් මාර්ගයේ කොළඹට ඇතුළුවීම සහ පිටවීම මේ වන විට තාවකාලිකව නවතා ඇති බවයි පොලීිසිය පැවසුවේ.

Your Comments