මාලිංග ක්‍රිකට් පිටියෙන් සමු ගත් බවට පළ වන වාර්තා අසත්‍යයි

23

තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් බවට සමාජ මාධ්‍යවල පල වන වාර්තවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා.
“යලි අප පිටියේදී හමුවන්නේ නැත. මා පිටුපස සිටි සහ වචනයකින් හෝ සහයෝගයක් ලබා දුන් සියලුදෙනාටම. තෙරුවන් සරණයි.” යනුවෙන් සටහනක් ලසිත් මාලිංග නමින් පවත්වාගෙන යනු ලබන ෆේස්බුක් පිටුවක සටහන්වීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීම්වලදී ඔහු මේ බව කියා තිබෙනවා.
අදාළ ෆේස්බුක් සටහන පහතින්…

මේ අතර, ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය අද පෙරවරුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

Your Comments