මාලිංග ඔස්ට්‍රේලියාවේ ස්ථීර පදිංචියට යයි – පුහුණුකාර ධූරයකුත් හිමි වන ලකුණු

830

ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග ඔස්ට්‍රේලියාවේ ස්ථීර පදිංචිය ලබා ගෙන ඇති බව වාර්තා වනවා.

ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියෙන් සමු ගැනීමෙන් පසුව මාලිංග, පවුලේ සාමාජිකයින් සමග ඔස්ට්‍රේලියාවේ පදිංචිය බලා පිටත්ව යනු ඇති බවයි bdcrictime.com වෙබ් අඩවිය දක්වා සිටියේ.

ලසිත් මාලිංග ට ඔස්ට්‍රේලියාවේ දී පුහුණුකාරධූරයක් ද හිමිවනු ඇති බව එහි දක්වා තිබෙනවා.

ලසිත් මාලිංග මේ වන විටත් ඔස්ට්‍රේලියාවේ රැදී සිටින අතර, ලබන 22 වනදා දිවයිනට පැමිණිමට නියමිතයි.

ඒ, එළඹෙන බංග්ලාදේශ තරගාවලියට ක‍්‍රීඩා කිරීම වෙනුවෙන්.

එය ලසිත් මාලිංග ක‍්‍රීඩා කරන අවසන් එක්දින ක‍්‍රිකට් තරගාවලිය වනු ඇති.

Your Comments