මාලිංගගේ පිහිටෙන් මහේලගේ මුම්බායි මෙවර IPL දිනයි

130

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර IPL ශූරතාව හිමිකර ගැනීමට සමත් වුවා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වුණේ පසුගිය වසරේ ශූරතාව හිමිකර ගත් චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සමගයි.

ඉන්දියාවේ හයිද්‍රාබාද්හිදි පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගත් මුම්බායි කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන්නා.

ඒ අනුව ඔවුන් කඩුළු 8ක් දැවී ලකුණු 149ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමට කඩුළු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 148ක් පමණයි.

අවසන් පන්දුවාරය යවන ලද්දේ ලසිත් මාලිංග විසින්.

මාලිංගගේ අවසන් පන්දුවට ලකුණු 2ක් ලබා ගත යුතු වුවත් එම පන්දුවේ දී පිතිකරු දැවී ගියා.

මීට පෙර මෙම කණ්ඩායම් දෙකම අවස්ථා 3 බැගින් අයි.පී.එල් ශූරතාව හිමිකර ගෙන තිබුණා.

Your Comments