මාලිංගගේ ‘කඩුලු පෙරහරෙන්’ අවසන් T20 තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

35

නවසීලන්තය සමග පැවති අවසන් 20-20 තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 37කින් ජය ගත්තා.

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ නවසීලන්තයට පන්දුවාර 16කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 88ක් පමණයි.

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහරදීමට ලසිත් මාලිංග තීරණය කළා.

ඒ අනුව ශ්‍රීලංකා කණ්ඩායම පන්දුවා 20 අවසානයේ කඩුලු 8කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 125ක්.

ධනුෂ්ක ගුණතිලක ලකුණු 30යි.

පන්දු යැවීමේ දී Mitchell Santner සහ Todd Astle කඩුලු තුන් බැගින් බිඳ දැම්මා.

ලකුණු 126ක් ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නවසීලන්තයට තුන්වන පන්දුවාරයේ ඉතා අසීරු තත්වයකට පත් වූයේ මාලිංගගේ ප්‍රහාරාත්මක පන්දු යැවීම හමුවේ.

මාලිංග, එම ඕවරයේ අවසන් පන්දු 4න් ම කඩුලු ලබා ගත්තා.

මාලිංගගේ එම ඕවරයේ තුන්වන පන්දුවට ලබා ගත් කඩුල්ලෙන් වාර්තාවකට හිමිකම් කීවා.

ඒ පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල දී කඩුලු සියයක් දවා ගත් ලොව පළමු පන්දු යවන්නා ලෙස ඉතිහාසයට එක් වෙමින්.

ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු ප්‍රහාරකයා එම වාර්තාව තවත් ශක්තිමත් කර ගත්තේ අනෙක් පන්දු තුනටත් කඩුලු දවා ගනිමින්.

ඒ අනුව මාලිංග එම ඕවරයේ දී අඛණ්ඩව කඩුලු 4ක් හිමි කර අගත්තා.

ඔහු කඩුලු සියය දවා ගැනිම සඳහා ක්‍රීඩා කළ තරග සංඛ්‍යාව 76ක්.

මේ වන විට ජාත්‍යන්තර 20යි 20 තරග පිටියේ ලොව වැඩිම කඩුලු ලාභියා වන්නේ ද ලසිත් මාලිංගයි.

ලසිත් මාලිංග අද කඩුලු 5ක් දවා ගත්තේ පන්දු ඕවර 4ක දී ලකුණු 6ක් පමණක් ලබා දෙමින්.

අකිල ධනංජය කඩුලු 2ක් දවා ගත්තා.

20යි 20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග අද තරගයේ වීරයා සම්මානයේ පිදුම් ලැබුවා.

අද තරගයත් පැවැත්වුණේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී.

තරග තුනකින් සමන්විත් T20 තරගාවලිය 2-1ක් ලෙස ජයගත්තේ පළමු තරග දෙකම ජයගත් නවසීලන්තයි.

තරගාවලියේ වීරයා Tim Southee.

නවසීලන්ත සංචාරය අදින් අවසන්.

මේ අතර 20යි20 තරගයක අඛණ්ඩව කඩුලු 4ක් දවා ගත් දෙවැනියා බවට පත්වන්නේ ද මාලිංගයි.

ඒ අනුව ශ්‍රී ලංකා 20යි 20 නායක හා සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග අද යළි ඉතිහාස ගතවූවා.

ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියේ දී අඛණ්ඩව පන්දු 4ක් තුළ කඩුලු 4ක් දවා ගත් අවස්ථාවක් ජාත්‍යන්තර ක‍්‍රිකට් ඉතිහාසයේ වාර්තා වන්නේ තෙවැනි වතාවටයි.

මීට පෙර ලසිත් මාලිංග විසින්ම 2007 වසරේ ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ දී දකුණු අපි‍්‍රකාවට එරෙහිව පිට පිට කඩුලු 4ක් දවා ගෙන තිබුණා.

එමෙන්ම මෙම වසරේ දී ඇෆ්ඝනිස්තානයේ රෂීඩ් ඛාන් ද අයර්ලන්තයට එරෙහිව 20යි 20 තරගයක දී අඛණ්ඩව කඩුලු 4ක් දවා ගනිමින් එවැනි දස්කමක් දැක් වීමට සමත් වුණා.

ඒ අනුව මාලිංග අද සනිටුහන් කළේ ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියේ පන්දු යවන්නෙකු පිට පිට පන්දු 4කදී කඩුලු 4ක් දවා ගත් තෙවැනි අවස්ථාවයි.

20- 20 ජාත්‍යන්තර තරගයක එවැනි දෙවන් අවස්ථාවයි.

Your Comments