මාරවිල මූලික රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ වර්ජනය සහ උපවාසය අවසන්
ප්‍රසාද් පූර්ණීමාල් - හලාවත

39

දින දෙකක් පුරා පැවති වරජ්නය හා උපවාසය අතහැරීමට මාරවිල මූලික රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අද (06) පෙරවරුවේ තිරණය කරනු ලැබුවා.
වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම, සියලු සුළු සේවකයන් මෘත ශරීර කැපීමෙන් ඉවත් කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මාරවිල මූලික රෝහලේ සුළු සේවකයන් මේ වර්ජනය හා උපවාසය පසුගිය 04 වනදා ආරම්භ කරනු ලැබුවා. ඒ අනුව සේකයන් පිරිසක් රෝහල් භූමියේ පිහිටි ජල ටැංකියටද නැග උපවාසයක් ආරම්භ කරනු ලැබුවා.
කෙසේ වෙතත් ඊයේ (05) පස්වරුවේ වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මොහොමඩ් ෆරීඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් වෘත්තීය සමිති නායකයන්ගේ සහභාගිත්වයෙන් කුරුණෑගලදී පැවති සාකච්ඡාවකදී තම සියලු ඉල්ලීම්වලට බලධාරීන්ගෙන් විසඳුම් ලැබිම හේතුවෙන් වර්ජනය අතහැරි බව ජනරජ සෞඛ්‍ය සේවක සංගමයේ පුත්තලම දිස්ත්‍රික් සංවිධායක උපාලි සඳසිරි මහතා කියා සිටියා.

 

Your Comments