මාකඳුරේ මධුෂ්ගේ නඩු තීන්දුව කල් යයි

58

සංවිධානත්මක අපරාධ කල්ලි නායකයකු වන මාකඳුරේ මධුෂ් මෙරටට පිටුවහල් කරනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් වන ඩුබායි අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම මැයි 09දාට කල් තබා තිබෙනවා.

පසුගිය පෙබරවාරි 05 වනදා ඩුබායිහි පැවති සාදයක් අතරතුරයි මාකඳුරේ මදුෂ් ඇතුළු පුද්ගලයින් 31 දෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ.

අනතුරුව තමන් ශ්‍රි ලංකාවට පිටුවහල් නොකරන ලෙස මාකඳුරේ මදුෂ් එරට අධිකරණයකට ඇපෑලක් ඉදිරිපත් කර තිබුණා.

එහි තීන්දුව පසුගිය 18 වනදා ලබා දීමට නියමිතව තිබූ නමුත් එය අද දින දක්වා කල් දැමීමටයි එදින තීරණය කළේ.

Your Comments