මහ මැතිවරණය සඳහා රුපියල් කෝටි 1000ක වියදමක්

35

මහ මැතිවරණය සඳහා රුපියල් කෝටි 1000 කට ආසන්න මුදලක් වැය වනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත දැනුම්දී තිබෙනවා.
ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ පස්වරුවේ පැවැති රැස්වීමේ දී යි.
එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ මහ මැතිවරණයට අවශ්‍ය සියලු සහය සහ ඊට වැයවන සියලු මුදල් ප්‍රතිපාදන ලබා දෙන බවයි.
එම සාකච්ඡාව සඳහා ජනාධිපති ලේකම්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්, මුදල් අමාත්‍යාංශ ලේකම්, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්, මැතිවරණ කොමිසමේ ලේකම්, වැඩබලන පොලිස්පතිවරයා මෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුද එක්ව සිටියා.
මෙහිදී මැතිවරණ කොමිෂන් සභාවේ නිළධාඍීන් විසින් කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ රට තුළ පවතින වාතාවරණය හමුවේ සෞඛ්‍ය රෙගුලාසි ගැසට් කරන ලෙස කළ ඉල්ලීමට ද යහපත් ප්‍රතිචාරයක් හිමිව තිබෙනවා.
එමෙන්ම නිදහස් හා සාධාරණ මැතිවරණයකට පසුබිම සකසන බවටයි ජනාධිපතිවරයා මෙහිදී සහතික වී ඇත්තේ.

Your Comments