මහේල එයි – හරවා යවයි

66

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක, මහේල ජයවර්ධන මහතා, ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකය ට පෙරවරුවේ පැමිණියත් ඔහු හරවා යවා තිබෙනවා.

ඒ අද (03) ප්‍රකාශය ලබා නොගන්නා බවට විශේෂ විමර්ශන අංශය විසින් දැනුම් දීම හේතුවෙන්.

කෙසේ වෙතත් මහේල ජයවර්ධන මහතා එහි දී සඳහන් කළේ අද නොපැමිණෙන ලෙසට විශේෂ විමර්ශන ඒකකය විසින් දන්වා නොමැති බවයි.

ප්‍රකාශය ලබා ගැනීම සඳහා ඉදිරියේ දී දිනයක් ලබා දෙන බව ද ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකය පවසනවා.

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟයේ දී තරඟ පාවාදීමක් සිදුවූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාවට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට මහේල ජයවර්ධන කැඳවන බව ඊයේ (02) ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකය සඳහන් කළා.

විශේෂ විමර්ශන ඒකකය මේ වන විටත් අරවින්ද ද සිල්වා, උපුල් තරංග සහ කුමාර් සංගක්කාර යන අයගෙන් ප්‍රකාශ ලබා ගෙන තිබෙනවා.

2011 ලෝක කුසලාන අවසන් තරඟයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වූ කුමාර් සංගක්කාර මහතා ඊයේ දිනයේ දී (02) පැය 10කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දී තිබුණා.

Your Comments