මහින්ද සහ පොහොට්ටුවේ පක්ෂ නායකයින් අතර සාකච්ඡාවක් පස්වරුවේ

9

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් අතර සාකච්ඡාවක් අද පස්වරුවේ විපක්ෂ නායක නිළ නිවසේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එහිදී ඉදිරි ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු මෙන්ම නිදහස් පක්ෂය සමග පවත්වන සාකච්ඡා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වනු ඇති.
මේ අතර විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කියා සිටියේ ඉදිරියේදී පිහිටුවීමට අපේක්ෂා කරන නව ආණ්ඩුව හරහා පළමුව විදේශ විනිමය සංශෝධන පනත සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බවයි.

Your Comments