මහින්දානන්දට එරෙහි නඩුව ඔක්තෝබර් 10 වන දා විභාගයට ගැනීමට තීන්දුවෙයි

38

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව ඔක්තෝම්බර් මස 10 වන දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා අද නියෝග කළා.
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නොමැති විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙසයි අභියාචනාධිකරණය පසුගිය දා නියෝග කළේ.
ඒ අනුව, නඩුව විනිසුරු සම්පත් අබේකෝන් මහතා ඉදිරියේ ඔක්තෝබර් මස 10 වනදා විභාගයට ගැනීමට නියම කළ අතර එදිනට සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සාක්කිකරුවන්ට අවවාද කරනු ලැබුවා.
පසුගිය රජයේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී අයථා ආකාරයෙන් උපයාගත් රුපියල් මිලියන 27 ක මුදලක් වැයකොට කොළඹ කින්සි පාරේ නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා එල්ල වනවා.

Your Comments