මහින්දානන්දට එරෙහි නඩුව 09 වනදා කැඳවීමට නියෝගයක්

29

හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද මහතාට අලු‍ත්ගමගේ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව ජුලි මස 09 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද නියෝග කළා.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තියේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුව විනිසුරු ගිහාන් කුලතුංග මහතා ගෙන් ඉවත් කර වෙනත් විනිසුරුවරයෙකු ඉදිරියේ විභාගයට ගන්නා මෙන් අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කර ඇති බවයි.

එම නියෝගයේ පිටපතක් මෙතෙක් ලැබී නොමැති බව සඳහන් කළ විනිසුරු ගිහාන් කුලතුංග මහතා එහි පිටපතක් ජූලි මස 09 වන දින අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග කළා.

ඉන් අනතුරුව නඩුව විභාග කරන විනිශ්චකාරවරයා කවුරුන්ද යන්න තීන්දු කිරීම සඳහා අංක 1 මහාධිකරණය වෙත යොමු කරන බවයි විනිසුරු ගිහාන් කුලතුංග මහතා කියා සිටියේ.

පසුගිය රජයේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී අයථා ආකාරයෙන් උපයාගත් රුපියල් මිලියන 27 ක මුදලක් වැයකොට කොළඹ කින්සි පාරේ නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මහින්දානන්ද අලුත්ගමගේ මහතාට චෝදනා එල්ල වනවා.

Your Comments