මහමැතිවරණය කල් යයි – නිශ්චිත දිනයක් තවම නැහැ

91

මහ මැතිවරණය අප්‍රේල් මස 25වනදා නොපැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා.

එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව ප්‍රකාශ කළේ මැතිවරණ කොමිෂන් සභාවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවේ දී.

කොරෝනා වෛරස් වසංගත තත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි සභාපතිවරයා සඳහන් කළේ.

මේ අතර නාම යෝජනා සැළකිය යුතු ප්‍රමාණයක් අවලංගු වී ඇති බව ද මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

Your Comments