මහනාහිමිවරුන්ගෙන් රජයට කරුණු 15ක යෝජනාවලියක්

59

ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අස්ගිරි මහ නාහිමියන්ගේ නිල ආරාමයේදී ඊයේ පස්වරුවේ පැවැත්වුණා.
ඒ, අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් .
මෙම සාකච්ඡාව සදහා කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහ නායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් සහ මල්වතු සහ අස්ගිරි පාර්ශවවල අනුනායක හිමිවරුන්, ඇතුළු මහා සංඝරත්නය එක්ව සිටි බව සදහන්.
රටේ පවතින තත්ත්වයත් සමඟ ඉදිරියේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර තිබෙනවා.
සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් සදහන් කළේ කරුණු 15 කින් යුත් යෝජනාවලියක් රජයට ඉදිරිපත් කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බවයි.

Your Comments