මරදානේ වෙඩි තැබීමක්

44

මරදාන – මාලිගාකන්ද ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මරදාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ නිවසකට පැමිණි අයෙකු විසින් මුදල් ආරවුලක් දුරදිග යාමෙන් ඇති වූ බහින් බස්වීමක් හේතුවෙන් වෙඩි තැබීමක් සිදු කර ඇති බවයි.

වෙඩි තැබීමෙන් නිවසේ හිමිකරු සුළු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ප්‍රතිකාර ලබා ඉන් පිටව ගොස් ඇති බව සඳහන්.

ඔහු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 77 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් තිබෙනවා.

Your Comments