මරණ දඬුවම යළි සක්‍රීය කිරීමේ ශ්‍රී ලංකා සැලසුම අත්හළ යුතු යි – හියුමන් රයිට් වොච් යළි අවධාරණය කරයි

14

මරණ දඩුවම නැවත සක්‍රීය කිරීමේ ශ්‍රී ලංකා සැලසුම අත්හළ යුතු බව හියුමන් රයිට් වොච් සංවිධානය යළි අවධාරණය කරනවා.
එහි දකුණු අසියානු අධ්‍යක්ෂ මීනක්ෂි ගංගුලි පෙන්වා දෙන්නේ වසර 43 ක් පුරා ක්‍රියාත්මක නොවූ මරණ දඩුවම නැවත ආරම්භ කිරීමට කිසිදු පිලිගත හැකි හේතුවක් නොමැති බවයි.
පිලිපීනයේ මත්ද්‍රව්‍ය විරෝධී ක්‍රියාකාරකම් අනුගමනය කරමින් ශ්‍රී ලංකාවේ මරණ දඩුවම සක්‍රීය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන ඇති තීරණය සාධාරණීකරණය කර නොහැකි බවයි අධ්‍යක්ෂවරියගේ මතය වන්නේ.
ශ්‍රි ලංකාව අවසන් වරට මරණ දඩුවම ක්‍රියාවට නංවා ඇත්තේ 1976 වසරේදීයි.
මේ වන විට මරණ දඩුවම නියම වී බන්ධනාගාරගතවුවන්ගේ සංඛ්‍යාව 1299 ක්.
ඔවුන්ගෙන් 48 දෙනෙකු මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඩුවම නියමවූවන් වනවා.
ජනාධිපතිවරයාගේ ස්ථාවරය වන්නේ මරණ දඩුවම නියම වී බන්ධනාගාරගතව සිටියදී අඛණ්ඩ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන අපරාධකරුවන්ට එරෙහිව මරණ දඩුවම ක්‍රියාත්මක කළ යුතු බවටයි.
කෙසේ වෙතත් එමගින් ශ්‍රී ලංකාවද බැදී සිටින ජාත්‍යන්තර ප්‍රඥප්ති හා නීති උල්ලංඝණය වන බව හියුමන් රයිට් වොච් සංවිධානය සදහන් කරනවා.

Your Comments