“මරණ දඬුවම ගැන විශ්වාසයක් නැහැ”

30

රජය මරණ දඬුවම ක්‍රියාත්මක කරන තුරු ඒ සම්බන්ධයෙන් තමාට විශ්වාසයක් තැබිය නොහැකි බව අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

හම්බන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මේ අතර මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබා දුන්න ද කිසිවිටෙක අහිංසක ජනතාවට මරණ දඩුවම ලබා නොදෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

තංගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

Your Comments