මරණ දඩුවම ක්‍රියාත්මක නොකරන ලෙසට යුරෝපා සංගමය යලි අවධාරණය කරයි

17

කවර හෝ වාතාවරණයකදී මරණ දඩුවම නැවත සක්‍රිය කිරිමට විරුද්ධ වන බව යුරෝපා සංගමය යලි අවධාරණය කර තිබෙනවා.

යුරෝපා සංගම් නියෝජිතයින් මේ පිළිබද අදහස් පලකළේ යහපාලනය , නීතියේ අධිපත්‍ය සහ මානව හිමිකම් සඳහා වන යුරෝප සංගම් ශ්‍රී ලංකා 4 වන කාර්ය සාධක රැස්වීමට එක්වෙමින්.

ජී එස් පී ප්ලස් බදු සහනය සහ මානව හිමිකම් ඇතුලු කරුණු රැසක් කෙරෙහි මෙහිදී සාකච්ඡා කල බවයි විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සුලු ජාතින් පදනම් කරගනිමින් වර්ගවාදී අදහස් පලවීම් ඉහළ යාම පිළිබදව ද මෙහිදි කරුණු හුවමාරු වූ බව සදහන්.

ජාත්‍යන්තර ප්‍රමීතින්ට අනුව මානව හිමිකම් ආරක්ෂා කිරිම සදහා ශ්‍රී ලංකාවට තවදුරටත් සහය සපයන බවද දුෂණ මර්දන ක්‍රියාකරකම් සදහා යුරෝපා සංගම් නියෝජිතයින් මෙහිදී අවධාරණය කල බවයි විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ.

Your Comments