මරණීය දණ්ඩනය නිසා GSP+ අහිමි කිරීමට විදෙස් රටවල් සැරසුණොත් ඊට මුහුණදීමට ආණ්ඩුව සූදානම්

41

මරණිය දණ්ඬනය ක්‍රියාත්මක කළහොත් ජී.එස්.පී ප්ලස් බදු සහනය අහිමි කිරීමට විදේශ රාජ්‍යයන් සූදානම් වන්නේ නම් ඊට මුහුණදීමට ආණ්ඩුවට හැකියාව පවතින බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසනවා.
හෙතෙම කියා සිටියේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.
කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය මනෝගනේෂන් මහතා පැවසුවේ ලබන අඟහරුවාදා රැස්වන කැබිනට් මණ්ඩලයේ දී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන බවයි.

Your Comments