මන්දකට හසුවී මියගිය කඳුකර කොටියාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණයට මිනිපේ පශු වෛද්‍ය රෝහලට
රංජිත් රාජපක්ෂ - හැටන්

28

නාවලපිටිය මාපකන්ද ප්‍රදේශයේ කැලැවක කෝපි ගසක් මත මිය ගොස් සිටි පැන්තරා පාදුස් වර්ගයේ කදුකර කොටියාගේ සිරුර නලල්තන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින් විසින් නාවලපිටිය මහෙස්ත්‍රාත්වරයා වෙත කරුණු වාර්තා කර මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගයක් මත පශ්චාත් මරණ පරික්ෂණය සදහා මිනිපේ පශු වෛද්‍ය රෝහල වෙත ඊයේ (20) දින යොමු කල බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වනසත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පවසනවා.

නාවලපිටිය පොලිස් වසමට අයත් මාපකන්ද ප්‍රදේශයේ වගා භුමියක සතුන් දඩයම් කිරිම සදහා දඩයම්කරුවන් විසින් අටවන ලද මන්දකට හසු වි ඇති කදුකර කොටියා මන්ද කඩාගෙනවිත් මන්ද අටවා තිබු මුගුර සමග කෝපි ගසක නැගිමෙන් පසු එහි දි කෝපි ගසේ මන්ද සහිත මුගුරු සිරවිම නිසා කොටියා ඉන් මිදිමට උත්සහ කල අවස්ථාවේ කොටියා මිය ගොස් ඇති බවයි ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේ.

මිය ගොස් ඇත්තේ කොටි දේනුවක් බවත්, මිය ගිය කොටියා අවු 7 ක් පමණ වයසැති සතෙකු බවත්, කොටියා මන්දට හසු විම නිසා කොටියාගේ උදරය ප්‍රදේශය දැඩි ලෙස තුවාල සිදු වි තිබු බවයි ප්‍රභාෂ් කරුණාතිලක මහතා වැඩිදුරටත් කියා සිටියේ.

වන සතුන් දඩයම් කිරිමට දඩයම්කරුවන් විසින් අටවන ලද මදුවලට මෙවැනි දුර්ලභ ගණයේ කොටියන් හසු වන බවත්, වන සතුන් දඩයම් කිරිම සදහා මදු ඇටවිමෙන් වැලකි සිටින ලෙසයි ප්‍රභාෂ් කරුණාතිලක මහතා නාවලපිටිය මාපකන්ද ප්‍රදේශවාසින්ගෙන් ඉල්ලා සිටියේ.

මන්ද ඇට වු සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට විමර්ෂණයක් ද ආරම්භ කල බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා වැඩි දුරටත් කියා සිටියේ.

 

Your Comments