UPDATE: මන්ත්‍රී SB ගමන් ගත් රථයට බාධා කළ පිරිසකට වෙඩි තැබූ ආරක්ෂක නිළධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට

19

පාර්ලිමේන්තු මන්ත්‍රි එස් බී දිසානායක මහතාගේ ආරක්ෂක නිලධාරීන් විසින් ඊයේ රාත්‍රියේ සිදු කල වෙඩි තැබීම සම්බන්ධයෙන් ඇමති ආරක්ෂක අංශයේ සේවය කළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගිනි අවි දෙකක් සහ හිස් පතොරම් කොපු දෙකක් ද පොලිස් භාරගට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කලේ.
මන්ත්‍රීවරයා ගමන් ගත් රථයට පුද්ගලයින් පිරිසක් බාධා කළ අවස්ථාවකදී මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.

පොලීසයි පැවසුවේ පොල්පිටිය ප්‍රදේශයේ දී සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තැලිගම රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ බවයි.

අනතුරුව ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කරවනැල්ල සහ ගිනිගත්හේන රෝහල් වෙත මාරු කර යවා ඇති බව සදහන්.

 


 

SBගේ රථ පෙළ අවහිර කළ පිරිසකට වෙඩි – දෙදෙනෙකුට තුවාල [Nov 7, 2019 @ 06:30]

ගිනිගත්හේන, පොල්පිටිය ප්‍රදේශයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.

ලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා ගමන් ගත් රථයට පුද්ගලයන් පිරිසක් බාධා කරන අවස්ථාවේදී පිටුපසින් පැමිණි රථයේ සිටි ආරක්ෂක නිලධාරීන් විසින් වෙඩි තැබීමක් සිදු කර ඇති බවයි.

අදාළ වෙඩි තැබීම රාත්‍රී 7.30ට පමණ සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා තැලිගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකර සඳහා කරවනැල්ල රෝහල වෙත මාරු කර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසන්නේ.
වෙඩි තැබීම සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

 

Your Comments