මධ්‍ය කඳුකරයේ ජලපෝෂක ප්‍රදේශවලට මහ වැසි
ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක - මස්කෙළිය

37

මධ්‍යම කඳුකරයේ ජල විදුලිබලාගාර පෝෂක ප්‍රදේශවලට ඊයේ (13) සවස් කාලයේ ගිගුරුම් සහිත ධාරානිපාත වැසි ඇද හැලී තිබෙනවා.

ජලපෝෂක ප්‍රදේශවලට ඊයේ  මිලිමීටර් 96 ක වර්ෂාපතනයක් ඇද හැලුන බවත්, එම වර්ෂාවත් සමග  ජාතික ජලවිදුලිබල පද්ධතියට අයත් මාවුස්සාකැලේ ජලාශය අඩි 01 ක ප්‍රමාණයක් ජලය පිරුණ  බවත්, පිටාර මට්ටමට  අද පෙ.ව. 06.00 වන විට අඩි 37 ක ප්‍රමාණයක් ජලය පිරීමට ඇති බවත් එම ජලාශය භාර ඉංජිනේරුවෝ පවසනවා.

ජාතික ජලවිදුලි බලපද්ධතියට අයත්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, කැනියෝන් හා විමලසුරේන්ද්‍ර යන ජලාශ 05 සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ හා කාසල්රි යන ජලාශ දෙකෙනි.

මාවුස්සාකැලේ ජලාශයට යටව තිබූ පැරණි මස්කෙළිය නගරයේ විහාරස්ථානය ඇතුලු සර්ව ආගමික ස්ථානවල නටඹුන් තවමත් ජලයෙන් මතුව ඇති අයුරු ඡායාරුපවලින් දැක්වේ.

 

Your Comments