මත්ද්‍රව්‍ය සහ පාතාලය නොමැති පුරවරයක් සඳහා ජනපතිගෙන් ප්‍රතිඥා

10

මත් උවදුර සහ පාතාලය මර්ධනය කර ඓතිහාසික උරුමය සහ අභිමානය රැකෙන කැලණි පුරවරයක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ඒ, පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා අද ගම්පහ දිස්ත්‍රික්කයේ දෙවන දිනටත් චාරිකාවේ නිරත වෙමින්.

කැලණිය රජමහා විහාරස්ථානයේ ප්‍රධාන තොරණ ඉදිරිපිට පැවති ජනහමුවට සහභාගී වෙමින් ජනාධිපතිවරයා එම අදහස් පල කළා.

ප්‍රදේශයේ සංවර්ධනය අරමුණු කරගත් “දස වැදෑරුම් කැලණි ප්‍රකාශය” සිසිර ජයකොඩි මහතා විසින් එහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා.

Your Comments