මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතියක්

40

ජනවාරි 21 වනදා සිට 28 වනදා දක්වා මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතියක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් ඇතුළු නිලධාරින් සමග ඊයේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.

මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතිය තුලදී මත්ද්‍රව්‍ය භාවිතයේ ආදිනව පිළිබද සමාජය දැනුවත් කිරීමට වැඩසටහන් රැසක් සංවිධාන කර ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියා.

එහිදී පාසල් දරුවන්, රාජ්‍ය නිලධාරින් මෙන්ම පොදු ජනතාව ඉලක්ක කර ගනිමින් නිර්මාණාත්මක වැඩසටහන් සම්පාදනය සම්බන්ධයෙන් ද මෙහිදී ජනාධිපතිවරයා අදාළ නිලධාරින්ගේ අවධානය යොමු කළා.

ඒ පිළිබද සිය පෞද්ගලික අවධානය යොමු කරමින් දායකත්වය ලබාදෙන ලෙසටයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුකාරවරුවන්, පළාත් ප්‍රධාන ලේකම්වරු ඇතුළු නිලධාරින්ගෙන් ඉල්ලා සිටියේ.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් ද ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

Your Comments