මත්තල ගැන කතා කරන්න ඒකාබද්ධය ඇමති නිමල් සිරිපාල හමුවෙයි

50

මත්තල ගුවන් තොටුපල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් අද දින ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමුවීමට නියමිත බව වාර්තා වනවා.
ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අද පෙරවරු 9.30ට බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි ප්‍රවාහන අමාත්‍යාංශයේදී අමාත්‍යවරයා හමුවීමට අපේක්ෂා කරන බවයි.
මත්තල ගුවන් තොටුපල ඉන්දීය සමාගමකට බදු දීමට රජය ගෙන ඇති බව කියන තීරණය මෙන්ම පරිශ්‍රයේ ගොඩනැගිලිවලට සිදුව ඇති හානි පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.
මේ අතර ඒකාබද්ධ පොදුජන පෙරමුණ පිහිටුවීම සඳහා වන පළමු සාකච්ඡාව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රියේදී පැවැත්වීමට නියමිතයි.

Your Comments