මඩුගල්ලට සහ ධර්මසේනට ලෝක කුසලානයේ අවසන් මහා තරගය භාර කරයි

568

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ විනිසුරුවන් සහ තරග තීරකවරයා ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව එහි විනිසුරුවන් ලෙස ශ‍්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන සහ දකුණු අප‍්‍රිකාවේ මරායස් එරාස්මස් පත් කෙරුණා.

තෙවන විනිසිරු ලෙස අවසන් මහා තරගයේ දී ඔස්ට්‍රේරලියාවේ රෝඩ් ටකර් කටයුතු කරනු ඇති.

සිව්වන විනිසුරු ලෙස පාකිස්තානයේ අලීම් ඩාර් පත් කර තිබෙනවා.

අවසන් මහා තරගයේ තරග තීරකවරයා වන්නේ ශ‍්‍රී ලංකාවේ රංජන් මඩුගල්ලයි.

Your Comments