UPDATE: 107 දෙනෙකු රැගත් ගුවන් යානයක් අනතුරට (VIDEO)

141

පුද්ගලයන් 107 දෙනෙකු පමණ රැගත් A320 වර්ගයේ PK-8303 ගුවන් යානය පාකිස්ථානයේ කරච්චි ගුවන් තොටුපල ආසන්නයේ දී අනතුරට ලක්ව තිබෙනවා.

ලාහෝර් ගුවන් තොටුපලේ සිට පැමිණි පකිස්තානු ගුවන් සේවයට අයත් යානය කරච්චි ගුවන් තොටුපලට ගොඩ බෑමට විනාඩියක් පමණ
තිබිය දී අනතුරට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මගීන් 91 දෙනෙකු සහ කාර්යමණ්ඩලයේ 07 දෙනෙකු රැගත් යානය අනතුරට ලක්වීමේ හේතුව සම්බන්ධයෙන් බලධාරීන් විසින් මෙතෙක් නිශ්චිතව අනාවරණ කර නැහැ.

කෙසේ වෙතත් එරට ජාතික ගුවන් සේවයේ ප්‍රධාන විධායක එයාර් වයිස් මාෂල් අර්ෂාඩ් මලික් කියා සිටියේ යානය ‘තාක්ෂණික දෝෂ’ පෙන්වන බව ගුවන් නියමුවා පාලක මැදිරියට දන්වා ඇති බවයි.

ඒ අනුව හදිසි ගොඩ බෑමකට බලධාරීන් විසින් ධාවන පථ දෙකක් වෙන් කර තිබෙනවා.

කෙසේ වෙතත් යානය ගුවන් තොටුපලට ගොඩ බෑමට පෙර අනතුරට ලක්වුණා.

Your Comments