බැස්ටියන් මාවතෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි

50

පිටකොටුව – බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් නැවතුම්පළේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.
කසල බැහැර කරන බෑගයක සහ ඒ අසළ තිබී ඩෙටනේටර් 87ක් මෙලෙස සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.
මේ අතර, ඊයේ ත්‍රස්ත ප්‍රහාරයට ලක්වූ කොළඹ ෂැන්ග්‍රිලා හෝටලය නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට එහි කළමනාකාරීත්වය තීරණය කර තිබෙනවා.
හෝටලයේ නවාතැන් ගෙන සිටි අමුත්තන් සහ කාර්ය මණ්ඩලයේ පිරිසක් අනතුරට ලක්වීම හේතුවෙන් එම තීරණයට එළඹුණු බවයි නිවේදනයක් නිත් කරමින් ඔවුන් සඳහන් කළේ.
කෙසේ නමුත්, අමුත්තන් සඳහා විකල්ප නවාතැන් ලබාදීමට කටයුතු කරනු ඇති.

Your Comments