බැදුම්කර වංචාවට රනිල් සහ රවි සම්බන්ධ බවට ෆොන්සේකාගෙන් හෙලිදරව්වක්

53

මහ මැතිවරණය නිමාවූ විගස ආණ්ඩුව එම් සී ගිවිසුම අත්සන් තබන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
ගාල්ලේ පැවති ජන හමුවකට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ බව කියා සිටියා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග දේශපාලනිකව සම්බන්ධ කිසිවෙකුට හෝ ඡන්දය නොදෙන්නැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන්ද ටිල්වින් සිල්වා මහතා මෙහිදී අදහස් පළ කළා.

මේ අතර ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර එම් සී සී වැඩසටහන පිළිබඳ පළමු සාකච්ඡාව සිදුකර ඇත්තේ 2006 වසරේදී බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කලා.
ඒ හලාවත පැවති ජන හමුවකට එක් වෙමින්.

මේ අතර කැලණිය ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදහස් පල කලා.

එක්සත් ජාතික පක්සයේ නායක රනිල් වික්‍රමසිංහ හා උප නායක රවී කරුණානායක යන මහත්වරුන් බැඳුම්කර හොරකමට ඍජුවම සම්බන්ධ බව සමගි ජන බලවේගයේ අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කලා.
ඔහු මේ බව කියා සිටියේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

Your Comments