බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වරදකරු වෙයි

55

මහා බ්‍රිතාන්‍යයේ මහජන ආඥා පණත කඩකිරීම සම්බන්ධයෙන් ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා වරදකරු ලෙස තීන්දු කර තිබෙනවා.

ඔහුට තානාපති මුක්තිය හිමිනොවන බවයි වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කර ඇත්තේ .

පසුගිය වසරේ පෙබරවාරි 4 වනදා මෙරට නිදහස් දිනයදා ලන්ඩන් නුවර මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයකට එක් වූ පිරිසකට තර්ජනාත්මක අභිනයක් සිදු කිරීම ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව එල්ල වී තිබූ චෝදනාවයි.

සිවිල් සංවිධානයක් විසින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව නඩු පවරා තිබුණා.

ඒ අනුව වසර එකහාමාරකට ආසන්න කාලයක් පැවති නඩු විභාගය අවසන් කරමිනුයි ඊයේ දිනයේ දී මෙම නඩු තීන්දුව ලබා දී ඇත්තේ.

නඩුවේ තීන්දුව ප්‍රකාශ කරමින් අධිකරණය නියෝග කර ඇත්තේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට ස්ටර්ලිං පවුම් 2400ක දඩ මුදලක් පැනවීමටයි.

Your Comments