බස්නාහිර මෙහෙයුමකින් සැකකරුවන් 331 දෙනෙකු අත්අඩංගුවට

14

බස්නාහිර පළාත තුල සිදුකළ විශේෂ වැටලීමකින් සැකකරුවන් 331 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ පෙරවරු 06 සිට අද අලුයම 5 දක්වා කාලය තුල සිදු කල වැටලීමකදීයි අදාල පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
එම සැකකරුවන්ගෙන් 135 දෙනෙකු හෙරොයින් සන්තකයේ තබා ගැනිමේ චෝදනාවට අදාලව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නීති විරෝධී මත්පැන් සම්බන්ධ චෝදනා යටතේ 92 ක් , ගංජා ලග තබාගත් 72 ක් සහ ගෝඩා හා අයිස් ලග තබාගත් 18 දෙනෙකු ද අත්අඩංගුවට ගත් පිරිස අතර වන බවයි පොලිසිය පැවසුවේ.
එමෙන්ම වෙනත් වැටලීම් යටතේ සැකකරුවන් 16 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Your Comments