බසයක් පෙරළී 28කට තුවාල

19

බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් මගීන් 28 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඔවුන් කරවනැල්ල මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

අනතුර සිදුව ඇත්තේ යටියන්තොට, පැලන්පිටිය මාර්ගයේ ජයවින්දාගම අටේ කණුව ප්‍රදේශයේදී.

පෙරවරු 8යි 15ට පමණ බසය මාර්ගයේ සිට මීටර 15ක පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් තිබෙනවා.

අවිස්සාවේල්ල ලංගම ඩිපෝවේ බස් රථයක් පැලන්පිටියේ සිට යටියන්තොට බලා ගමන් කරමින් සිටියදී අනතුරට ලක්වුණා.

අනතුර සිදුවන අවස්ථාවේ බස්රථයේ මගීන් 60 දෙනෙකු පමණ සිට ඇති බව සඳහන්.

බස්රථයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුර සිදුව ඇති බවට සැකපළ කෙරෙනවා.

Your Comments